ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) රුපියල් 203.50ක් ලෙස සඳහන් විය.
මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිල රු. 203 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.එහි ගැනුම් මිල රුපියල් 199.21ක් ලෙසින් වාර්තා වන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
සීනි, පොල්තෙල් ඉහළ යාම ගැන සෙවිල්ලෙන්
2021 ජනවාරි මාසය තුළ දී මෙරටට ආනයනය කර තිබෙන සීනි හා පොල්තෙල් සඳහා වැඩි ආනයන වියදමක් දැරීමට සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බලන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා අද (08) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“මෙය අප පමණක් නොවේ, ඉහළ පෙළේ අනෙකුත් ප්‍රතිපත්ති සාදන්නනුත් මොකක්ද මෙහෙම වුණේ කියන එක, ඇයි හේතුව කියන එක තවමත් හොයමින් සිටින ප්‍රශ්නයක්. ඒ නිසා මහ බැංකුව හැටියට අපිට අමුතු පිළිතුරක් දෙන්න පුළුවන් කමක් නැහැ. මේ ගැන සොයා බලමින් සිටින බව තමයි කියන්නට පුළුවන් වෙන්නේ.“
ජනවාරියේදී ගෙනාපු සීනි, රසකැවිලි වියදම ඩොලර් මිලියන 57.5ක්
විදේශ විනිමය පීඩනය හමුවේ ඩොලරයේ අගය සීඝ්රයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 2020 වසරේ මාර්තු මාසයේ දී සිට මෙරටට ගෙන්වන භාණ්ඩ රැසකට ආනයන සීමා පනවන ලදී.
ඒ මෙරටින් පිටතට ඇදී යන ඩොලර් ප්‍රමාණය අවම කරලීමේ අරමුණිනි. කෙසේ වෙතත් ඉතා දැඩි ආනයන සීමා පනවා තිබෙන මෙවන් පසුබිමක පසුගිය 2021 ජනවාරි මාසයේ දී මෙරටට ආනයනය කරන ලද සීනි හා රසකැවිලි සඳහා දරා ඇති සම්පූර්ණ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 57.5 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි සඳහන් වේ.එය 2020 ජනවාරි මාසයේ සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩොලර් මිලියන 20.0 හා සැසඳීමේ දී 186.9% ක ඉහළ යාමක් වේ.
සබැඳි පුවත්