ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ලබා දුන් අදාළ පොල් තෙල් සාම්පලවල වාර්තා අනුව එම සාම්පලවල ඇෆ්ලටෝක්සින් අඩංගු බව සනාථ වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා පොලීසිය විසින් එම බවුසර් සිය භාරයට ගෙන පසුව රේගුවට භාරදෙන ලදී.
මීට අමතරව, රජයේ රස පරීක්ෂකවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය වෙත ද පොල් තෙල් සාම්පල යොමු කළ අතර එම වාර්තා ද ලැබුණු පසු ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.