Apr 08, 2021

අජිත් පාර්ලිමේන්තුවට යන ගැසට් නිවේදනය නිකුත් කෙරෙයි

රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නාප්පෙරුම මහතා තෝරා පත්කර ගන්නා ලද බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඒ බව දන්වා ඇත්තේ එම පත්කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

මේ අතර අජිත් මාන්නප්පෙරුම මහතා ඊයේ (07) කියාසිටියේ සිය නාමය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඉදිරි දිනයකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම්දීමට සූදානම් බවය.

අදාළ ගැසට් නිවේදනය මෙතනින් බලන්න.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top