Pasidol
Sathosa Ad Final Sinhala
Mar 05, 2017

ජාත්‍යන්තරයෙන් ලංකාවට රතු එළියක් !

ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් එල්ල වන බලපෑම්වලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව විකල්ප යෝජනාවක් කෙරෙහි අවධානය යොමුකල යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා පවසයි.

යුක්තිය හා ප්‍රතිසංධානය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග මන්දගාමී බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉකුත් දා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට තිරසාර සාමය ළඟා කර ගැනීම ප්‍රමාද විය හැකි බවද එහි සඳහන්වේ.

බොරු පොරොන්දු :

මේ සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කළ විමසීමක දී අචාර්ය ප්‍රතිභා මහනාමහේවා සඳහන් කළේ ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් මානව හිමිකම් කොමිසම මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් මෙවැනි බලපෑමක් එල්ල වී ඇති බවයි.

අදාළ අභියෝග ජය ගැනීම සඳහා ජාත්‍යන්තරයෙන් තවදුරටත් කල් ඉල්ලා සිටීමෙන් ඵලක් නොවන බවද ඔහු සඳහන් කළේය.

යුක්තිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ ක්‍රියාමාර්ග අඩපණ වීම හේතුවෙන් ඉදිරියේදී ජාත්‍යන්තරය හමුවේ ගැටළුකාරී තත්වයකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

සබැඳි පුවත් :


'රණවිරු දඩයමට මම සූදානම් නැහැ' - ජනාධිපති

යුධ අපරාධ චෝදනා ලැබුවන් පිටරට ගියොත් මාට්ටු !

'හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවන්න' - එක්සත් ජාතීන් යළි අවධාරණය කරයි

ජනපති පිට කොන්ද නැතැයි කියන්නේ කාටද ?

පිටරට නඩුකාරයන් “එන්නත් පුළුවන්” - මංගල කියයි (වීඩියෝ)

මංගලගේ ජිනීවා කතාවට ආණ්ඩුවෙන්ම පරස්පරයක්

'නව ව්‍යවස්ථාවක් ගේනවා' - මංගල ජිනීවාහි දී සහතිකවේ

'ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලනවා' - මංගල (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top