Apr 17, 2021

වරාය නගරය ගැන පෙත්සම් 23ක් විභාගය අනිද්දා විභාගයට

වරාය නගර ආර්ථික කලාප කොමිෂන් සභා පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් 23 හෙට දින සිට (19) විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඒ සඳහා විශේෂ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

එ.ජා.පය, ජ.වි.පෙ, සමගි ජන බලවේගය යන ප්‍රධාන පක්ෂත් තවත් වෘත්තීය සංවිධාන හා රාජ්‍ය නොවන ආයතන ගණනාවක්ද මේ සඳහා නඩු ගොනුකර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top