Apr 18, 2021

දෙවැනි පාසල්වාරය: සබරගමු සරසවියේ පළමුවසර හෙට ඇරඹෙයි!

රජයේ සහ පෞද්ගලික පාසල්වල සියලු ශ්‍රේණි දෙවන වාරය සඳහා හෙට (19) විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

මේ අතර කොරෝනා වෛසරයත් සමග වසා දැමුණු ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු ද හෙට ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

තාක්ෂණ පීඨයේ සිසුන් සදහා ප්‍රථමයෙන් අධ්‍යයන කටයුතු අරම්භ කරන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා කියා සිටියේය.

විද්‍යාව, භාෂා සහ භූවිඥාපන පීඨවල අධ්‍යන කටයුතු අප්‍රේල් මස 20 වැනි දිනත්, කළමනාකරණ අධ්‍යන පීඨයේ ඉගැන්වීම් කටයුතු 24 වැනි දිනත්, ආරම්භ කිරීමට නියමිත ය.

මෙම පීඨවල පළමු වසර සිසුන්, අධ්‍යයන කටයුතු අරම්භ කරන දිනට පෙර දින නේවාසිකාගාරවලට පැමිණෙන ලෙස සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පැවසුවේ ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top