Apr 18, 2021

විජේදාසට පොහොට්ටුවෙන් පරීක්‍ෂණයක්? Featured

වරාය නගර පනත් කෙටුම්පත යනු ශ්‍රී ලංකාව තුළ චීන කොලනියක් ඇති කිරීමට උත්සහයක් ලෙස විවේචනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව ශ්‍රී ලංකා පොදුජය පෙරමුණ පියවර ගැනීමට නියමිත බව වාර්තා වේ.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී මේ සමබන්ධයෙන් මාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ මන්ත්‍රීවරයා විසින් පසුගියදා පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අදහස් ප්‍රකාශ කළේ නම් සිය බිය සැක දුරු කරගැනීමට හැකිවනු ඇතිබවයි.  

එසේ නොකර ඔහු වෙනත් මාවතක් තෝරාගෙන ඇති බවත්, රජයේ ප්‍රධාන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අභූත චෝදනා නගමින් ජනතාව මුලාකිරීම හේතුවෙන් ඔහුට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයට සිදුවනු ඇති බවත් කෙහෙළිය ඇමතිවරයා කියා සිටියේය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top