May 02, 2021

කෝටි 4කට වැඩි චෙක් වංචාවකට සම්පත් බැංකු නිලධාරියකු අල්ලයි!

මෙල්වා කම්බි නිෂ්පාදන සමාගමේ බැංකු ගිණුමකින් ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 430ක් වංචා කළ සැකකරුවන් 04 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මොවුන් මේ වංචාව සිදුකර ඇත්තේ පසුගි අප්‍රේල් මස 12 වැනිදාය.
 
එම වානේ කම්හලට අයත් ගිණුමක ඇති රුපියල් කෝටි ගණනක මුදලකින් අදාළ සමාගමේ චෙක්පත්වල ආකාරයට චෙක්පත් මුද්‍රණයකර සකස් කර එහි සේවකයන් ලෙසට හැඟවෙන ආකාරයේ ඇඳුම් ඇඳ පිරිසක් යොදවා
මෙම වංචාව සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

සමාගමට ලබාදී ඇති චෙක්පත්වල අංක යොදාගෙන හංවැල්ල ප්‍රදේශයේ ස්ථානයකදී එම චෙක්පත් මුද්‍රණය කර තිබේ.

ඒ අනුව එම මුද්‍රණ ආයතනය පවත්වාගෙන ගිය සැකකරු සහ ඊට සහය දුන් රනාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත. රනාලේ පදිංචිකරු 34 හැවිරිදි අයෙකි.

මීට අමතරව චෙක්පත් මාරු කිරීමට ගිය තවත් 4 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශණ ක්‍රියාත්මක කරමින් තිබෙන බව පැවසේ.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ව්‍යාජ චෙක්පත් මුද්‍රණය කර විශාල මුදලක් වංචා කළ පළමු අවස්ථාව ලෙසට වාර්තාවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

රුපියල් මිලියන 43 ක් වටිනා චෙක්පත් සම්පත් බැංකු ශාඛාවන බොරැල්ල, රාජගිරිය, කොටුව, පිටකොටුව, කිරිබාත්ගොඩ සහ දළුගම යන ශාඛාවලින් එකවර මාරුකර ඇති බවද පැවසේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු හා මෙහෙයුමට සහාය වූ බොරැල්ල සම්පත් බැංකුවේ නිලධාරියෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
 
මීට පෙර ලෝක රන් සම්මාන ලාභී හෙළ ⁣⁣⁣⁣වෛද්‍යවරයකු වන කැලුම් වීරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලක් විමර්ශනයේදී රහස් පොලිසිය විසින් සම්පත් බැංකුවේ මහා පරිමාණ චෙක්පත් වංචාවක් පිළිබඳව හෙළිදරව් කර ගැනීමට සමත්වූ අතර ඊට අදාළ නඩු මේවන විට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවෙමින් පවතී.  
 
සබැඳි පුවත්

සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචාවක් 

සම්පත් බැංකුවේ මූල්‍ය වංචාව ගැන CID යෙන් පුළුල් පරීක්ෂණයක් ! 

සම්පත් බැංකු වංචාවේ ආන්දෝලනාත්මක හඬ පටය

සම්පත් බැංකුවට අධිකරණයෙන් විශේෂ නියෝගයක්

සම්පත් බැංකු වංචාව ගැන CID ය බැංකු ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි

සම්පත් බැංකු වංචාව යට ගැසීමට බැංකු ලොක්කන්ගෙන් CID යට බලපෑම්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top