May 04, 2021

හාර කෝටියේ වංචාවට සියලු තොරතුරු සම්පත් බැංකුව ඇතුළෙන් Featured

මෙල්වා කම්බි නිෂ්පාදන සමාගමේ පරණ යොන්වීදියේ සම්පත් බැංකු ශාඛාවේ තිබූ ගිණුමකින් ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 430ක් වංචාට සියලු තොරතුරු ලබාගෙන ඇත්තේ සම්පත් බැංකුව තුළින් බව මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකරගෙන තිබේ.

වසර 15ක කාලයක් එම බැංකුවේ සේවය කළ ටීම් ලීඩර් කෙනෙකු විසින් මේ සියලු තොරතුරු ව්‍යාජ චෙක්පත් සකස් කළ හංවැල්ලේ ව්‍යාපාරිකයාට ලබාදී ඇත. 
 
හංවැල්ලේ ව්‍යාපාරිකයා පරිඝනක විශය සම්බන්ධයෙන් කෙළ පැමිණි අයෙක් බව පැවසේ.

මෙල්වා සමාගම අදාළ මුදල් තිබූ ගිනුම විවෘත කර ඇත්තේ වංචාවට තොරතුරු දුන් බැංකු නිලධාරියා පරණ යොන්වීදියේ සම්පත් බැංකු ශාඛාවේ සේවය කරණ අතරතුරදීය.

හංවැල්ලේ ව්‍යාපාරිකයා හා අදාළ බැංකු නිලධාරියා අතර සම්බන්ධය ඇතිව ඇත්තේ බැංකු නිලධාරියා හංවැල්ල ශාඛාවේ සේවය කරමින් සිටියදීය.
 
බැංකු ශාඛාවලින් චෙක්පත් මාරු කිරීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් යොදවා ඇති අතර ඔවුන්ට ව්‍යාජ ලෙස මෙල්වා ආයතනයේ හැදුනුම්පත් ලබා දී ඇත. එසෙම ජංගම දුරකථන ද දී ඇති අතර ඒ සියලු දුරකථන සිම්පත් හා දුරකථන ලබාගෙන ඇත්තේ බිම වැටී අහුලාගත් ජාතික හැදුනුම්පතකටය.
 
වානිජ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසංගා නිල්මිනි මෙන්ඩිස් ගේ මෙහෙයවීමෙන් මේ වංචාව හෙළිකර ගෙන ඇති බව වාර්තා වේ.

සබැඳි පුවත්

කෝටි 4කට වැඩි චෙක් වංචාවකට සම්පත් බැංකු නිලධාරියකු අල්ලයි!

 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top