May 04, 2021

මංගල තහනම කල් දැම්මේ හමුදාපතිගේ ඥාති දියණියකගේ උත්සවයක් නිසාද? (වීඩියෝ)

විවාහ මංගල උත්සව පැවැත්වීම අත්හිටුවීම අද (04) දිනය දක්වා කල් දමන ලද්දේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහෝදරියකගේ දියණියකගේ විවාහ මංගල උත්සවය ඊයේ (03) වැනිදාට යොදාගෙන තිබුණ නිසා බවට සමාජ ජාලවල පසුගිය දින කිහිපයේදී වාර්තා පල විය.

නමුත් එම චෝදනාව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රතික්ෂේප කරයි.

ඔහු සඳහන් කරන්නේ තම සහෝදරියගේ දියණියන් දෙදෙනාම තවමත් පාසල්වියේ දැරියන් බවයි.

ඔවුන්ගේ විවාහය තව බොහෝ කාලයකට සිදු නොවන බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා අදහස් පළකල වීඩියෝව පහතින් දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top