May 04, 2021

සා.පෙළ සහ උ. පෙළ වකවානු සංශෝධනයට

අ‍.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන කාල වකවානු සංශෝධනය කිරීමටත්, රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා සිසුන් තෝරාගැනීමට ගතවන කාලය අවම කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී ද අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වීමට අනුමැතිය හිමිව තිබේ.

එමෙන්ම 10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසර 01ක් සහ මාස 09ක කාල සීමාවක් වන සේ ප්‍රතිව්‍යුහගත කිරීමට ද අනුමැතිය හිමිව ඇති අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට ගතවන කාලය අවම කිරීම මගින් අවම කාලසීමාවක් තුළ ප්‍රථම උපාධි සුදුසුකම ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දීමටට ද අමාත්‍යවරයා යෝජනා කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top