May 04, 2021

බිල් හා මෙලින්ඩා ගේට්ස් වෙන්වෙයි

වසර 27ක් පුරා පැවති සිය විවාහ දිවියට සමුදෙන බව බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් නිවේදනය කරයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මොවුන් දෙදෙනා විසින් මේ බව ප්‍රකාශයට පත් කර ඇත.

ඔවුන් සිය ට්විටර් පණිවුඩය හරහා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, මෙම නව ජීවිතය අරඹන ඔවුන් දෙදෙනා ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසයි.

මෙලින්ඩා හා බිල් හමුවන්නේ 1980 දශකයේදී මෙලින්ඩා රැකියාවක් සඳහා බිල් ගේ මයික්‍රොසොෆ්ට් සමාගම හා එක්වූ විටයි.

ඔවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙකු සිටින අතර, ලෙස පුරා සුප්‍රකට Bill & Melinda Gates පදනම ඔවුන් විසින් එක්ව පවත්වාගෙන යනු ලබයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top