May 04, 2021

IPL දින නියමයක් නැතිව කල්යයි Featured

කොවිඩ් අවදානම හමුවේ 2021 අයි පී එල් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

අයි පී එල් තරග සංවිධායක මණ්ඩලයේ සභාපති බ්‍රිජේෂ් පටේල් මහතා විසින් මේ බව නිළ වශයෙන් නිවේදනය කර ඇත.

තරගාවලියේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් හා පුහුණු කාර්ය මණ්ඩලයේ අයෙක් කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු විම හමුවේ මෙම පියවර ගක් බවත් එම නිවේදනයේ දැක්වේ.

මෙම තරගාවලියේ සියලු පාර්ශව වල ආරක්ෂාව, සෞඛ්‍ය හා සුබසිද්ධිය උදෙසා මෙම තීරණය ගත් බව එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.

කොරෝනා ආසාදනය වු පිරිස අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් / චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ පන්දු යැවිමේ පුහුණුකරු වන එස් බලාජි ඇතුලු දෙදෙනෙක් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක්ද වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top