May 04, 2021

Port City විවාදය, ඡන්ද විමසීම කල් දැමෙයි

කොලඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය සහ ඡන්ද විමසීම කල් දැමීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොණු කර තිබූ පෙත්සම්වලට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මේ දක්වා කථානායකවරයා වෙත ලැබී නොමැති බැවින් හෙට දිනයේදී විවාදය නොපැවැත්වීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළීබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින් තීරණය කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top