May 04, 2021

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට යළි අරියි

දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ව්‍යාපාරික කටයුතු සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (05) 05.00 සිට යළි විවෘත කිරීමට නියමිතය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී පසුගියදා කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගැනීමෙන් අනතුරුව, එම පරිශ්‍රය වසාදැමීමට සෞඛ්‍ය බලධාරීන් පසුගියදා පියවර ගෙන තිබුණි.

ඒ අනුව, හෙට පෙ.ව. 5.00 - ප.ව. 5.00 දක්වා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව විවෘත කිරීමට අවසර ලබාදෙන බව කොවිඩ් -19 පාලනය පිළිබඳ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජනරාල් නිශාන්ත මානගේ මහතා කියා සිටියේය.
 
ඔහු මේ බව පවසා සිටියේ අද (04) දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති කමිටු රැස්වීමකදීය. මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, වෙළෙඳුන්ගේ සංගම් නියෝජිතයින්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු නියෝජිතයන්, සෞඛ්‍ය නිලධාරීන්, මහ නගර සභා නිලධාරීන් ඇතුළු පිරිසක් එක්විය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top