May 04, 2021

අද කොවිඩ් රෝගීන් 1,914ක්

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද (04) ප.ව. 08.20ට පළ කළ නවතම වාර්තාවට අනුව අද දිනය තුළ රෝගීන් 1,914ක් හමුවී ඇති අතර, මේ දක්වා හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 115,590කි.
පසුගිය සතිය පුරාවටම දිනක් තුළ මෙරටින් හමුවී ඇති කොවිඩ් රෝගීන් ගණන ඉහළ ගොස් තිබේ.

මේ වන විට රෝගීන් 15,728ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 99,152ක් බවත් එහි වැඩිදුරටත් දැක්වේ.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top