May 05, 2021

ජාතික ක්‍රිකට් පිලේ ක්‍රීඩිකාවකට කොවිඩ්; 10ක් නිරෝධායනයට Featured

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකට කොවිඩ් - 19 ආසාදිතව ඇතැයි හඳුනාගෙන තිබේ.
 
 ඒ සමඟ ජාතික කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 10 කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනයට ලක්කර ඇතැයි වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නියක මෙසේ කොරෝනා ආසාදිත වී ඇති අතර ඇය මේ වන විට ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසු වන බව පැවසේ.
 
සෙසු ක්‍රීඩිකාවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක නිරෝධානයට ලක් කර ඇතැයි ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම තත්වය හමුවේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් අත්හිටුවීමට කටයුතු යොදා ඇතැයි ද වාර්තා වේ.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top