May 05, 2021

පොලිතින් තහනම කැඩූ කොම්පැනි 2කට නඩු

පොලිතින් සහ ප්ලාස්ටික් තහනම උල්ලංඝනය කළ සමාගම් දෙකකට විරුද්ධව වහාම නීතිමය පියවර ගන්නැයි පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.

පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ අරමුණින් පසුගිය මාර්තු 31 වනදා නිෂ්පාදන කිහිපයක් තහනම් කෙරුණු අතර, ග්‍රෑම් විස්සට අඩු ආහාර ඖෂධ ගණයට අයත් නොවන පොලිතින් සහ ප්ලාස්ටික් ඇසුරුම් සැෂේ පැකට් ඇතුලු නිෂ්පාදන පහක් ඒ අනුව තහනම් කෙරුණි.

කෙසේ වෙතත් එම තහනම නොතකා හරිමින් සමාගම් දෙකක් ග්‍රෑම් 24 සැෂේ පැකට් තවදුරටත් නිපදවනු ලබන බවටයි තොරතුරු ලැබී ඇත.

එම කරුණු සැළකිල්ලට ගනිමිනුයි අදාළ සමාගම්වලට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.

මෙරට පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ අරමුණින් මාර්තු මස 31 වැනි දින සිට ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.

ඒ අනුව ග්‍රෑම් 20ට වඩා අඩු ආහාර හා ඔෟෂධ ගණයට අයත් නොවන පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත සැෂේ පැකට් තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් පියවර ගත් අතර පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 05ක් තහනම් කරමින් පරිසර අමාත්‍යවරයා ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top