Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Mar 07, 2017

මිරර් පුවත ඵලදරයි - ස්නයිපර් නීරෝගේ මවට නිවසක්

යුද සමයේ දක්ෂ වෙඩික්කරුවකු ලෙස බොහෝදෙනා කතා බහ කළ ස්නයිපර් නීරෝ හෙවත් කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි ගේ මවට නිවසක් නැති බවට ශ්‍රී ලංකා මිරර් කළ හෙළිදරව්වෙන් පසුව ඇයගේ ගැටළුව ඉතා ඉක්මනින් විසඳන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ.

''සතුරු ඉලක්කය නොවැරදුනු නීරෝට ජීවන ඉලක්කය වැරදිලා'' යනුවෙන් ශ්‍රී ලංකා මිරර් මේ සම්බන්ධ හෙළිදරව්ව කළේය.

මෙම මාධ්‍ය වාර්තා ගැන සැලකිලිමත් වූ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවාස සංවර්ධන අධිකාරියේ පුත්තලම් දිස්ත්‍රික් කළමනාකරු ඩි. වී. ප්‍රියදර්ශන මහතාව ආණමඩුව, මණ්ඩලාන පිහිටි රණවිරු නීරෝගේ නිවසට යවා නීරෝගේ මව සමග පුද්ගලිකවම දුරකථනයෙන් තොරතුරු විමසා, ඇයගේ නිවාස ප්‍රශ්නය වහාම විසඳන ලෙස දිස්ත්‍රික් කළමනාකරුට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

මේ බව සජිත් ප්‍රේමදාස මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ සදහන් වන්නේ මෙසේය.

Screen Shot Niro

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top