May 05, 2021

උතුර, දකුණ හා බටහිරෙන් උසස් පෙළ හපන්නු - ලක්ෂ 2ක් සරසවියට Featured

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2020) ගණිත අංශයේ පළමු ස්ථානය හිමිකරගැනීමට යාපනය චාවකච්චේරි හින්දු විදුහලේ තනරාජ් සුන්දරභවන් සිසුවා සමත්ව සිටියි.

ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ අමන්දි මදනායක ශිෂ්‍යාව වාණිජ අංශයෙන් පළමු ස්ථානය හිමිකරගෙන ඇත.

දෙහිවල ප්‍රෙස්බිටේරියන් බාලිකා විදුහලේ චාමිකා සෙව්මිණි ශිෂ්‍යාව කලා අංශයෙන් පළමු ස්ථානය හිමිගැනීමට සමත්ව සිටී.

ඉන්ජිනේරු තාක්ෂණවේදය - ප්‍රථම ස්ථානය හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ  අවිශ්ක චානුක

ජෛව තාක්ෂණවේදය - ප්‍රථම ස්ථානය හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ  සුසික සඳසර

ජීව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානය - මනුජය ප්‍රවීන් විජේසිංහ - කොළඹ රාජකීය විද්‍යාලය

ලක්ෂ 2කට සරසවි වරම්

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 301,771 දෙනකුගෙන් 194,297 දෙනෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි 178,337 දෙනෙක් සහ පැරණි නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි 15,960 දෙනෙක් මේ අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top