May 08, 2021

රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවයි

යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත එම තීරණය ගත් බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවය වෙනත් ස්ථානයක පැවැත්වීමට ඉදිරියේදී සැලසුම් කරන බව වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top