May 08, 2021

බස්නාහිර සාදකාරයෝ 39ක් පොලිස් දැලේ 

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් බස්නාහිර පළාතේ සාද පැවැත්වූ 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මීට අමතරව නිරෝධායන නීති උල්ලංඝණය කර විවිධ වැඩසටහන් සංවිධාන කළ තවත් 21 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාතට ඇතුළු වන හා ඉන් පිටවන පිරිස් පරීක්ෂා කර කොරෝනා පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක බවද ඊට සමගාමීව බස්නාහිර පළාතේ ජංගම වෙළෙඳුන් 188 දෙනෙකු පරීක්ෂා කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

එහිදී නිරෝධායන නීති කඩ කළ වෙළෙඳුන්ට දැඩි ලෙස අවවාද කළ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top