May 08, 2021

මිලියන 70ක KG කිලෝ 235ක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 235කට අධික ප‍්‍රමාණයක් සමඟ ඉන්දීය ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

එම යාත්‍රාවේ ඉන්දීය ජාතිකයින් 7 දෙනෙකු ද සිටි බව නාවික හමුදාව සඳහන් කරයි.

එම ධීවර යාත්‍රාව සහ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටියට ආසන්න මුහුදු සීමාවේදීය.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 70කට අධික බව වාර්තාවේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top