May 08, 2021

අද ආසාදිතයන් 1,896ක් (Update)

අද (08) දිනයේදී කොවිඩ් ආසාදිතයන් 1,896 ක් හඳුනාගෙන තිබේ.
 
පළමු වටයේදී කොවිඩ් 19 වෛරසය ආසාදිත 970ක් වාර්තා විය.
 
දෙවැනි වටයේදී ආසාදිතයන් 926 ක් වාර්තා වූ අතර ඒ සඳහා විදේශගතව සිටි පැමිණ නිරෝධායන මධ්‍යස්ථාවල සිටි හය දෙනකු ද ඇතුළත් විය.

මෙම නව ආසාදිතයින් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,23,234 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,335 දෙනෙක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 103,098 ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
 
------------

(මුල් පුවත 9.07pm. මැයි 08 2021)

අද තවත් කොරෝනා ආසාදිතයන් 970ක්

කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 970 දෙනෙක් අද (8) දිනයේ හඳුනාගෙන තිබේ.

මෙම නව ආසාදිතයින් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,22,308 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, කොවිඩ් ආසාදනය වූ 1,335 දෙනෙක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

 ඒ අනුව මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 103,098 ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top