May 08, 2021

මාතලේ මහනගර සභාවේ නිරෝෂන් බෙදූ එළවළු මල්ලට විරෝධයක්

දින 10කට ආසන්න කාලයක් මාතලේ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 4ක් හා එක් ග්‍රාමසේවා වසමක් හුදෙකලා කර ඇති මේ අවස්ථාවේ එහි සිටින පවුල් 700කට මාතලේ උප නගරාධිපති අමිල නිරෝෂන් විසින් පරණ එළවළු මල්ලක් බෙදීම සම්බන්ධයෙන් ජනතා විරෝධයක් මතුව ඇතැයි වාර්තා වේ.

ජනතාව කියා සිටින්නේ හුදෙකලා කිරීම හේතුවෙන් එහි ඇති කඩ සාප්පු වසා දැමීම නිසා සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් පෙළෙන ජනතාවට එළවළු මල්ලක් ලබාදීම විහිළුවක් බවයි.

එසේ එළවළු මල්ලක් බෙදා ඔහු එය සිය ෆේස්බුක් පිටුවේද පල කිරීම ලැජ්ජාසහගත යැයිද එහි ජනතාව කියා සිටී.

dvDV2DV3

 
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top