May 09, 2021

චීන රොකට්ටුවේ සුන්බුන් ඉන්දීය සාගරයට වැටෙයි!

පාලනයකින් තොරව නැවත පෘථිවිය දෙසට එන බවට මීට පෙර වාර්තා වූ  'ලෝන්ග් මාර්ච් 5බී' (Long March 5B) චීන රොකට්ටුවේ සුන් බුන් ඉන්දිය සාගරයට පතිතව ඇතැයි චීන මාධ්‍ය වාර්තා කර තිබේ.
 
චීන වේලාවෙන් පෙරවරු 10.24ට එම සුන්බුන් ඉන්දියන් සාගරය තුළට පතිත වූ බව පැවසේ.
 
දේෂාංශ 72.47 අක්ෂාංශ 2.65ත් අතර ප්‍රදේශයකට මේ සුන් බුන් පතිත වූ බව චීන අභ්‍යාවකාශ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
 
චීන බලධාරීන් පවසන්නේ ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට නිරිතදිග ප්‍රදේශයකට මේවා වැටී ඇති බවයි.
 
එම සුන් බුන් වලින් වැඩි ප්‍රමාණයක් වායුගෝලයේදී දැවී ගොස් තිබෙන බවද වාර්තා වේ.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top