May 11, 2021

කොළඹ හඳුනා නොගත් සිරුරු 20ක් 

මාස තුනක් තිස්සේ හඳුනා ගැනීමට නොහැකි වුණු හිමිකරුවන් නොමැති මෘත ශරීර 20ක් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.

මෙම මෘත ශරීරවලින් වැඩිම ප්‍රමාණයක් පිරිමි පුද්ගලයන්ගේ වන අතර කාන්තාවකගේ මෘත ශරීරයක් ද වන බව පැවසේ.

අයිතිකරුවන් නොමැති මෙම මෘතදේහ හඳුනා ගැනීම සඳහා අදාල පොලිස් ස්ථාන දැනටමත් පරීක්ෂණ අරඹා ඇති බවත් අයිතිකරුවන් හඳුනාගත් පසුව ඒවා එම අයිතිකරුවන්ට භාරදීමට කටයුතු කරන බවත් කොළඹ ජාතික රෝහල් වාර්තා සඳහන් කරයි.

මෘතදේහ හඳුනා ගැනීමට නොහැකි වුවහොත් ඒවා රජයේ වියදමෙන් භූමිදානය කිරීමට කටයුතු කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top