May 19, 2021

ජවිපෙ පාර්ලිමේන්තුව අසල විරෝධතාවයක 

ජනතා විමුක්ති පෙරමුණ කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව සංවිධානය කරන විරෝධතා ව්‍යාපාරයක් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (19) උදේ 10.00ට පැවැත්වීමට නියමිතය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම විරෝධතා ව්‍යාපාරයට සහභාගි වන බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී අද ඇරඹෙයි. 

විවාදය අද සහ හෙට දින දෙකක් පුරා පැවැත්වෙන අතර පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම හෙට සවස 4:30 ට පැවැත්වීමට නියමිතය .  

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top