Mar 10, 2017

'උතුරේ යුද පීඩිත කාන්තාවට සහන නෑ' - චන්ද්‍රිකා (වීඩියෝ)

යුද්ධයෙන් දිවි හානිවූ රජයේ හමුදා සොල්දාදුවන්ට ලැබෙන සහන යුද්ධයෙන් තම ඥාතීන් අහිමිවූ උතුරු නැගෙනහිර කාන්තාවන්ට ලැබී නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

 ජාත්‍යන්තර කාන්තා දින නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ විසින් “ඇගේ සවිය පක්ෂයට සහ රටට” යන මැයෙන් කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේ ඊයේ (09) සංවිධානය කොට තිබූ උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළේ මියගිය ඇතැම් සොල්දාදුවන්ගේ භාර්යාවන්ට තම සැමියාගේ වැටුප හෝ ලැබෙන බවයි.


සෙබලුන්ගේ පවුල්වලට ප්‍රශ්න :

කෙසේවෙතත්, සොල්දාදුවන්ගේ පවුල් වලට වෙනම ප්‍රශ්න තිබෙන බව ද ඇය ප්‍රකාශ කළාය.

 “කවුරු හරි මේවට නායකත්වය දීලා විසඳන්න බලන්න ඕනේ,” යි අවධාරණය කළ ඇය, රජයේ කාන්තා කාර්යාංශය ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු කොට නැති බව කියා සිටියේ ජනාධිපතිවරයා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ උත්සව සභාව අමතමිනි.


 (radiogagana)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top