Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Mar 10, 2017

කුසල් ගේ ගෙට පැන්න හොරු අල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට අයත් ගොරකානේ පිහිටි නිවස ඇතුළු නිවාස කිහිපයකම තිබූ බඩුභාණ්ඩ සොරකම් කළ බවට චෝදනා ලද සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

පසුගිය මාසයේදී කුසල් මෙන්ඩිස් මහතාගේ නිවස සොරු බිඳ ඇති බවත්, එහි තිබූ රු. 315,000 වටිනා මුදල් හා ආභරණ ගෙනගොස් ඇති බවත් වාර්තා විය.

පොලිසිය පවසන්නේ 22 හැවිරිදි මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය සඳදා දින අත්අඩංගුවට ගෙන දින තුනක් පුරාවට රඳවාගෙන ප්‍රශ්ණ කළ බවයි.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව මොවුන්ව මාර්තු 23දා දක්වා රිමාන්ඩ් බන්ධනාගතකිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇතැයි වාර්තා වේ.

සබැඳි පුවත් :
කුසල්ගේ උපන්දිනය දා හොරු ගේ බිඳලා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top