Jun 03, 2021

පාටියට ගිය කලා පවුලක අයෙක් ගැන පරීක්ෂණ - පුෂ්පිකා නඩු දාන බව කියයි

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පංතියේ හෝටලයකදී පැවැති ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සාදයට සහභාගි වූයේ යැයි කියන ප්‍රසිද්ධ කළා පවුලක සාමාජිකාවක් ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ කරමින් සිටින බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

එම ප්‍රධාන හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂාවෙන් මෙම පුද්ගලයන් හදුනාගත් බවද කොළඹ මධ්‍යම දූෂණ විමර්ෂණ ඒකකය පරීක්‍ෂණ පවත්වමින් සිටින බවද වාර්තා වේ.

සිද්ධිය වාර්තා වූ පසුගිය මැයි (30) වැනිදා රාත්‍රීයේදී එම හෝටලයේ කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයාගෙන් හෙට (03) ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

මම ගියේ නෑ - පුෂ්පිකා 

අදාළ සාදයට තමන් සහභාගී නොවූ බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා සඳහන් කළාය.

තමන් ඊට සහභාගි වූ බවට ඇතැමුන් අසත්‍ය ප්‍රචාර පළ කරන බව ද එසේ ප්‍රචාර කරන්නේ කුමන පදමින් කියූ දේ නොදන්නා බව ඇය අවධාරණය කළාය.

එසේ අසත්‍ය ප්‍රචාර කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් තමන් එකී සාදයට සහභාගී වූයේ හැකිනම් සාක්ෂි සහිතව ඔප්පු කරන්නැයි අභියෝග කරන බවද ඇය කියා සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top