Jun 04, 2021

පියුමිගෙයි ඇමති සරත්ගෙයි ලීක්වුණ කෝල් එකේ කතාව

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සාදයක් සංවිධානය කිරීම හා ඊට සහභාගිවීම හේතුවෙන් පස්සර පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට පොලිසිය විසින් බස් රථයකින්  පිරිසක් රැගෙනයමින් සිටියදී එහි සිටි නිරූපන ශිල්පිනී පියුමි හංසමාලී විසින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.

ඇය අදාළ ඇමතුම ලබාදෙමින් තමන් පියුමි හංසමාලි බවත්, තමන් ඇතුළු කණ්ඩායමක් ඇඳන් සිටින ඇදුම් පිටින්ම නිරෝධනයට බදුල්ලට රැගෙන යන බවත්, අමතර ඇඳුම් රැගෙනයාමට අවස්ථාවක් ලබාදෙන ලෙසත් එහිදී ඉල්ලීමක් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් චින්තක ලසන්ත පෙරේරා මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පසුව රූපලාවන්‍ය ශිල්පියකු වන චන්දිමාල් ජයසිංහ නැමැත්තාද අමාත්‍යවරයාට ඇමතුමක් ලබාදෙමින් එම ඉල්ලීම සනාථකර සිටි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පසුව අමාත්‍යවරයා විසින් පොලිස්පති සහ බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දැනුම් දී පිරිස තලංගම පොලිසිය වෙත රැගෙන ගොස් ඔවුන් බස් රථයේම සිටියදී  අදාල ඉල්ලීම ඉටුකර ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස දැනුම් දුන් බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මෙහිදී කිසිදු අවස්ථාවක බස් රථය හරවන ලෙස හෝ නිරෝධායනයට ලක්විය යුතු පිරිස  නිරෝධායනයට ලක් කරන ලෙස හෝ අමාත්‍යවරයා පවසා නැතැයිද එසේ සමාජ මාධ්‍යයේ පලවන පුවත් අසත්‍ය බවද එහි දක්වා තිබේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Call 700px 21 06 04

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top