Jun 07, 2021

වහපු බැංකු අරින්නැයි මහ බැංකුව කියයි

සියලුම වාණිජ බැංකු මෙම කාලසීමාව තුල විවෘතව තබන්නැයි දන්වමින් ශ්‍රී ලංකා මහබැංකුව විසින් විශේෂ චක්‍රලේකයක් නිකුත් කර තිබේ.
 
මෙරට ප්‍රමුඛපෙලේ වාණිජ බැංකු කිහිපයක් සතියක කාළයක් වසා තබන බවට කර තිබූ දැනුම්දීමෙන් පසුව ශ්‍රී ලංකා මහබැංකුව මෙම චක්‍රලේකය නිකුත් කර ඇත.
 
ගණුදෙනු කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙනයාම සදහා සියලුම වාණිජ බැංකු විවෘතව තැබිය යුතු බවත් ඒ සදහා සීමිත කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කරන ලෙසත් මහබැංකුව විසින් උපදෙස් දී තිබේ.
 
මේ අනුව ඉදිරි දින වලදීත් වාණිජ බැංකු විවෘතව තැබීමට සිදුවනු ඇත.
 
මේ සම්බන්ධ මහබැංකුව විසින් නිකුත් කළ නිවේදනය මෙසේය :

CBSL 700px 21 06 07

 
 

සබැඳි පුවත් :

අද සිට සතියක් බැංකු වහලා!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top