Jun 09, 2021

තහනම් ලැයිස්තුවට තවත් නිෂ්පාදන කිහිපයක් එකතු ‌වෙයි  Featured

භාවිතයෙන් ඉවත් කිරීම සඳහා යෝජිත පොලිතීන් හා ප්ලාස්ටික් දෙවන ලැයිස්තුවට අයත් නිෂ්පාදන තහනම් කිරීම  කඩිනම් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබේ.

පරිසර අමාත්‍යාංශය විසින් පසුගිය මාර්තු 31 දින සිට ක්‍රියාත්මක වන පරිදි පරිසර හානියට ඉවහල්වන නිෂ්පාදන වර්ග 05ක් තහනම් කිරීම සඳහා පියවර ගනු ලැබීය.

එමෙන්ම තහනම් කිරීමට නියමිත පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිපදවන ලද භාණ්ඩ ඇතුළත් දෙවන ලැයිස්තුවක් ද මේ වනවිට සකස් කර ඇත.

මෙම ලැයිස්තුවට අයත් භාණ්ඩ බහුතරයක් පරිසර හිතකාමී,  එමෙන්ම ඉක්මනින්ම දිරාපත්වන විකල්ප යොදා ගත හැකිව තිබියදී නිපදවන භාණ්ඩ වේ. 

එම දෙවන ලැයිස්තුවට ඇතුළත් කිරීමට නියමිත  පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන පහත පරිදි වේ.

01.කමිස ඇසුරුම්වල ඇති Shirt Clip

02. එක්වරක් පමණක් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, පිහි ආහාර පෙට්ටි, යෝගට් / අයිස්ක්‍රීම් හැඳි, ආහාර ඇසුරුම් හා කෝප්ප, පිඟන් තහනම් කිරීම 

03. පොලිතීන් හා ප්ලාස්ටික්වලින් සකසන ලද පොස්ටර්, දැන්වීම්, කටවුට් හා විවිධ මාදිලියේ දැන්වීම් තහනම් කිරීම 

04. එක්වරක් පමණක් භාවිත කර ඉවත ලන බීම බට (Straws) හා බීම කළතන (Stirrers)  තහනම් කිරීම  

05. මිලිමීටර් 400-500 දක්වා පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ සිලි සිලි බෑග් හා ෂොපිං බෑග් හා ග්‍රොසරි බෑග් තහනම් කිරීම 

06. PET හා PVC වලින් නිෂ්පාදිත මි. ලී. 400ට අඩු කුඩා බෝතල් තහනම් කිරීම 

07.  හඳුන්කූරු හා පහන්තිර ඇසුරුම් සඳහා පොලිතීන් යොදා ගැනීම තහනම් කිරීම 

08. පළතුරු හා එළවළු තැලීම වළක්වා ගැනීම සඳහා භාවිතා කරන Food Wrappers තහනම් කිරීම

09. ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු හෝ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇට (Beads ) අඩංගු පුද්ගලික සෞඛ්‍යරක්ෂණ ආලේපණ Personnal care Products තහනම් කිරීම 

10. උණුසුම් ආහාර ද්‍රව්‍ය පිරිනැමීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය එනම්- ඉඳිආප්ප තට්ටු, ප්ලාස්ටික් හැඳි හා කෝප්ප යනාදිය තහනම් කිරීම 

11. PET හා PVC වලින් නිෂ්පාදිත මි. ලී. 750ට අඩු ප්‍රමාණයේ බෝතල් තහනම් කිරීම 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top