Jun 10, 2021

නව පරිසර කෙටුම්පතට කැබිනට් අනුමැතිය  Featured

නව පරිසර පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ යටතේ පරිසර නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව පනවන දඩ මුදල් ඉහළ නැංවීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.

එමගින් දැනට රුපියල් 5000 ක සීමාවේ පවතින පරිසර නීති කඩ කිරීමට එරෙහි දඩ මුදල, රුපියල් ලක්ෂයේ සීමාව දක්වා ඉහළ නැංවීමට නියමිතය.

කල් ඉකුත් වූ පරිසර ආරක්ෂණ බලපත්‍ර භාවිත කරන පුද්ගලයින්ගෙන් අදාළ කල් ඉකුත් වු කාල සීමාවට යටත්ව දඩ මුදල් අය කර ගැනීමට ද මේ යටතේ අවසර හිමිව ඇති බවත්, මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති ‍තෙත් බිම් යන වචනය, පරිසර පනත් කෙටුම්පත යටතේ අර්ථකතනය කර ඇති බවත් මේ අතර වාර්තා වේ.

රසායනික ද්‍රව්‍ය කළමනාකරණයට අදාළ නව නීති රැසක් ද, ඊට ඇතුළත් කර ඇති බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ ‍වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍යවෙත පවසා තිබේ.

කැබිනට් අනුමැතිය හිමි වු නව පරිසර පනත් කෙටුම්පත ඉදිරියේදි පාර්ලිමේන්තුවට යොමු කෙරෙන බවද ඔහු පවසා ඇත.

මේ අතර ජාතික පරිසර ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරි සැලැස්ම ද ඉදිරියේදී අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිත බව ලේකම්වරයා සඳහන් කර තිබේ.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top