Jun 10, 2021

පොලිස් පවුල්වලටත් හොරෙන් එන්නත් විදිනවා! Featured

Fපිටස්තර පුද්ගලයන් රැසකට පොලිස් ක්ෂේත්‍රබලකා මූලස්ථානයේ දී කොරෝනා එන්නත්කරණය සිදුකරන බවට තොරතුරු ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදීය.

දිනකට 300ක පමණක් පිටස්තර පිරිසක් ඉහළ පවුල්වල උදවිය වාහනවලින් ඇවිත් මෙසේ එන්නත් ලබා ගනිමින් සිටින බව තමනට පොලීසියේ නිලධාරීන් පිරිසක් ම දැනුම් දුන් බව ද ඔහු අනාවරණය කර තිබේ.

දැනටමත් එම ස්ථානයේ එන්නත් 3000ක් පමණක් ලබාදී ඇතැයිද මේ ආකාරයේ කටයුතු නවත්වා එන්නත්කරණය සාධාරණ ලෙස සිදු කරන ලෙස ඔහු ඉල්ලා සිටී.

කොරෝනා වසංගතය හරහා ආණ්ඩුව පෙරලීමට බලාපොරොත්තු නොවන බවත්, රට වසංගතයෙන් ගලවාගෙන ජීවත් විය හැකි රටක් හදා ගැනීම තමන්ගේ ද බලාපොරොත්තු බවත්  ඔහු සඳහන් කර තිබේ.

ෆොන්සේකා මහතා මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top