Jun 10, 2021

ලීසිං සහන යළිත් - වාහන මිළ තවත් ඉහළට 

කොවිඩ් 19 තෙවැනි රැල්ලේ ව්‍යාප්තියත් සමඟම බලපෑමට ලක්වූ පුද්ගලයින් හා ව්‍යාපාර විසිිින් සහන සලසන මෙන් කළ ඉල්ලීම් රැසක් මේ වන විට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් බලපෑමට ලක් වූ පුද්ගලයින් හා ව්‍යාපාර වෙත ලබා දෙන ණය සහන දීර්ඝ කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වෙතින් ඉල්ලීමක් කර තිබේ.

මෙම සහන සඳහා සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන් ඊට අදාළ අයදුම්පත් 2021 ජූලි 15 දින හෝ ඊට පෙර අදාළ සමාගම් වෙත යැවිය යුතු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ සම්බන්ධයෙන් බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වෙත නිකුත් කරන ලද චක්‍රලේඛය පහතින් දැක්වේ.

වාහන මිළ තවත් ඉහළට 

මෝටර් රථ වර්ග රැසක මිළ ගණන් ඉදිරියේදි තවදුරටත් ඉහල යනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

මාදිලි 15 ක පමණ මෝටර් රථ මිල දෛනිකව ඉහල යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කෙරෙන බව එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසයි.

අනවශ්‍ය පරිදි වියදම් කර වාහන මිලදි ගැනිමෙන් වලකින ලෙස ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top