Jun 10, 2021

අපෝන්සු ලංකාව අතහැර ඇමෙරිකාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපෝන්සු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඇමෙරිකාවේ  ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා පිටත්ව යෑමට තිරණය කර ඇති බව වාර්තා වේ.

රාගම ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක්ද වන අමිල ඇමෙරිකාව තුළ ක්‍රීඩකයෙක් ලෙස මෙන්ම පුහුණුකරුවෙක් ලෙසද කටයුතු කිරීමට නියමිතය.

අමිල එක්දින තරගයක 9 දී හා විස්සයි - 20 තරග තුනකදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

2016දී එක්දින වරම් හා 2018දී විස්සයි - 20 වරම් හිමිකරගන්නා අමිල අවසන්වරට ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේද 2018 වසරේදීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top