Jun 10, 2021

නාමල්ට නායකයාවීමට සුදුසුකම් තියෙනවා - සුසිල්

නාමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප අරගෙන පාර්ලිමේන්තුවට තේරීපත්වූයේ දෙවැනි වතාවට බවත්, නීතීඥයකු හැටියටත් දිවුරුම්දී ඇති බවත්, මූලික අධ්‍යාපනයක් ලබා ඇති බවත්, එසේම පවුල් පසුබිමක්ද ඇති බවත්, ඔහු නායකයා වන්නේ කොයි වකවානුවේද යන්න හැරෙන්ට නායකයාවීමට ඔහු සුදුසුකම් සපුරා ඇතැයි රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

නායකයන් අනපේක්ෂිතව බිහි වනවා සේම නායකයන් අනපේක්ෂිතව දේශපාලනයෙන් සමුගන්නා බව ඉතිහාසය තුළ අත්දැකීමට තිබූ දේවල් බව ද ඇමතිවරයා පැවසීය.

ඔහු මේ අදහස් පල කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top