Pasidol
Sathosa Ad Final Sinhala
Mar 11, 2017

සමයං ඝාතනයට සැකකෙරෙන මධුෂ්ගේ බිරිදගෙන් ප්‍රකාශයක්

පාතාලයේ ප්‍රබලයෙකු වූ සමයං ඇතුළු හත් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙසට සැලකෙන දකුණේ පාතාල ප්‍රබලයෙකු වන මධුෂ් නමැත්තාගේ බිරිඳ ගෙන් පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ පැය කිහිපයක් ඇයගෙන් ප්‍රශ්න කළ බවයි.

මධුෂ් නමැත්තා මෙරට තුළ සැඟවී සිටිනවා ද නැතහොත් විදෙස්ගතව සිටිනවාදැයි මෙතෙක් නිසි තොරතුරක් අනාවරණ වී නොමැත.

මධුෂ් නමැත්තා බවට සැකපිට ඔහුගේ රුවට සමාන වෙනත් අයෙකු ඉකුත්දා දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය.

පසුව පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වුණේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළු ව්‍යාපාරිකයෙකු බවයි.

බන්ධනාගාර බස් රථයකට ඉකුත් මස 27 වනදා එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් සමයං ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට ද එහිදී දිවි අහිමි විය.

සබැඳි පුවත්

සමයං ඝාතනයේ ප්‍රධාන සැකකරු මධුෂ් අත්අඩංගුවට

සමයං ඝාතනයේ සුලමුල

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top