Jun 18, 2021

කොවිඩ් මරණ තොරතුරුවලින් ජනපති දෙවරක් නොමඟ යැවූ පිරිස?

ජුනි 14 වැනිදා සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වැනිදා  මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වැනිදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගැනුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) කොවිඩ් මර්ධන කමිටුවේ දී අනාවරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ දැක්වෙන පරිදි මෙම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුළුල් විමර්ශනයක් සිදුකර අදාළ දත්ත වැරදි බව හෙළිකරගත් බවද එහි දැක්වේ.

එහිදී ඇතැම් මරණ පෙබරවාරි 06 වැනිදා සිට ජුනි 11 වැනිදා දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුවූ මරණ බවත්, ඒවාට මරණ සහතික ද නිකුත් කර තිබූ බවත් එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ඇතැම් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වි ඇති බව ද ජනපතිවරයා එහිදී හෙළිකර තිබේ.

ජුනි 11 වැනිදා සිදුව ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව 15ක් පමණක් බව සිදුකළ පුළුල් විමර්ෂණයෙන් පසු අනාවරණය කරගත් බව ජනපතිවරයා එහිදී පවසා ඇත.

දත්ත සැපයිමේදී නිවැරදි වීම සහ කාලීන වීම, නිවැරදි තීරණ ගැනීමට අත්‍යාවශ්‍ය බව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

 

11දා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළ නිවේදනය මෙන්න
 
කෙසේවුවද, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනාධිපතිවරයා සඳහන් කරනු ලබන ජුනි 11 වැනිදා සිදුවූ කොවිඩ් මරණ සම්බන්ධයෙන් නිවේදනය කළ නිවේදනයේ එදින සිදුවූ මරණ වූ දින සම්බන්ධයෙන් පැහැදිළිව නිවේදනය කර තිබේ.
 
එහි සඳහන් වන පරිදි අදාළ කොවිඩ් මරණ 101 සිදුව ඇතැයි දැක්වෙන්නේ පෙබරවාරි 06 වැනිදා සිට ජුනි 09 වැනිදා දක්වා කාලයේදී බව පැහැදිළිව ප්‍රකාශකර තිබේ.
 
එම දිනයේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය මෙන්න.

PressR 700px 21 06 18PressR2 700px 21 06 18

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
PPress 700px 21 06 18
 GR 700px 21 06 18GR2 700px 21 06 18GR3 700px 21 06 18GR4 700px 21 06 18GR5 700px 21 06 18
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top