Jun 18, 2021

ඇමති නාලකගේ  වාහන දෙකට මොකද වුණේ? මෙන්න ඇත්ත

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ අමාත්‍ය ධූරයට ලැබී තිබූ මෝටර් රථවලින් 2කක් ගරාජයන්ට දැමීමට සිදුව ඇත්තේ ඔහුත් සමඟ ගමන් ගනිමින් තිබියදී එම මෝටර් රථ  අනතුරකට ලක්වීම නිසා බව මේවන විට හෙළිව තිබේ.

කෙසේවුවද, අමාත්‍යවරයා පසුගියදා මාධ්‍යට කියා සිටියේ සිය මෝටර් රථ ගරාජයන්ට දමා ඇත්තේ ඒවා කැඩී ඇති නිසා බවයි.

මේ සම්බන්ධයෙන් නීතීඥ රංජිත් මීගස්වත්ත මහතා මාධ්‍යවෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පසුගිය මාර්තු මාසයේදී තමා උසාවියට යමින් සිටියදී මරදාන හංදියේදී තමාට ඉදිරියෙන් ගිය මෝටර් රථය බ්‍රේක් ගසමින් වමට හැරවීමත් සමඟ තමාගේ මෝටර් රථයත් බ්‍රේක් ගැසූ බවත්, ඒ මොහොතේ විශාල ශබ්දයක් සමඟ නාලක ගොඩහේවා මහතාගේ ලෑන්ඩ් කෲසර් රථය තමාගේ මෝටර් රථයේ ගැටී අනතුරක් වූ බවයි.

එම ලෑන්ඩ් කෲසර් රථයට පිටුපසින් පැමිණි සෙසු ඩබල් කැබ් රඨද සිය මෝටර් රථයේ ගැටුණු බව ඔහු කියා සිටී.

එම අනතුරෙන් උපස්ථ මෝටර් රථවලට (Backup vehicles) විශාල හානියක් සිදුවූ බවද නීතීඥ රංජිත් මීගස්වත්ත මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා අනතුරෙන් පසුව තමාගෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමසීමක් හෝ නොකොට වෙනත් මෝටර් රථයක් ගෙන්වාගෙන එහි නැගී ගිය බවද මීගස්තැන්න මහතා කනගාටුවෙන් කියා සිටී.
 
සිද්ධිය සම්බන්ධයෙන් නිවුස් ෆස්ට් මෙසේ වාර්තා කර ඇත.
 

ආචාර්ය නාලක ගොඩහේවා මහතා සිය වාහන සම්බන්ධයෙන් කළ ප්‍රකාශය

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top