Jun 18, 2021

ඊයේ කොවිඩ් මරණ 55ක්

කොවිඩ් මරණ 55ක් ඊයේ (17) සිදුව ඇති බවට ව සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා අද (18)
 
තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියි.
 
කාන්තාවන් 23ක් හා පිරිමි පුද්ගලයන් 32ක් මෙලෙස මියගොස් තිබේ.
 
ඒ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 2,480ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
මේ අතර, වසංගත රෝග විද්‍යා අංශය විසින් අද ප.ව. 10.15ට පළ කළ නවතම වාර්තාවට අනුව තවත් රෝගීන් 2,349ක් සමග මේ දක්වා හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 235,413ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට රෝගීන් 35,729ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 197,259ක් බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

CD 700px 21 06 18

 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top