Jun 19, 2021

කොරෝනා මර්දනය කළ සුදත් ඩෙංගු මර්දනයට

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට ස්ථාන මාරුවක් ලබා දී තිබේ.
 
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස ඔහුට ස්ථාන මාරුව ලබා දී ඇති බවය.
 
සුදත් මහතාට නුදුරේදීම ස්ථාන මාරුවක් ලැබෙන බව අප ඉකුත් ජුනි 06 වැනිදා වාර්තා කළේය.
 
ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වන ආකාරයට සුදත් මහතාට මෙම ස්ථාන මාරුව ලබාදීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වැරදි සංඛ්‍යා ලේඛන නිකුත් කළේය යන චෝදනාව බව සෞණ අංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
මෙරට පළමු කොරෝනා රැල්ල සාර්ථකව පාලනය කළ පුද්ගලයන් අතර ඉදිරියෙන්ම සිටි අයකු සේ සැලැකෙන එවකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ද මෙසේ ස්ථාන මාරුවක් ලබාදී තිබිණි.
 
වර්තමානයේ ඔහු පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබයි.
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top