Sathosa

Mar 12, 2017

"අංගොඩ ලොක්කා” කියන්නේ කවුද ?

පාතාල නායක ‘සමයං’ නොහොත් අරුණ දමිත් උදයංග පතිරණ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන අංගොඩ ලොක්කා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව ඇත්තේ ඔහු සැඟවුණ චරිතයකින් හෙඹි අයෙක් නිසා යැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔහුගේ හරිහමන් ඡායාරූපයක් හෝ සොයා ගැනීම අපහසු බවද පැවසේ.

අංගොඩ ලොක්කාගේ සැබෑ නම වන්නේ ලසන්ත චන්දන පෙරේරාය.

තිස්දෙහැවිරිදි ඔහු උසස් පෙළ විභාගයෙන් පසු බන්ධනාගාර නියාමකයකු වන්නට සුදුසුකම් ලබා රැකියාව ලබා ගන්නට සතියකට පෙර අංගොඩ මෝචා නමැති ප්‍රදේශයට කරදරයක් වූ පාතාල ප්‍රබලයා අවසන් ගමන් යවා පාතාලයට එක් වූ අයෙක් සේ සැලැකේ.

කෙසේවුවද අංගොඩ ලොක්කා තමාට හිසරදයක් වූ සමයං ඇතුළු කල්ලිය අහවර කර ආයුධත් සමඟ ‍පොලිසියට භාරවන්නට සැලසුම් කර තිබුණු බවට ද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

එක්වරම ‍පොලිසියට භාරවෙන අරමුණ ඔහු පසෙක දමා ඇත්තේ ප්‍රහාරයෙන් වෙඩි වැදී බන්ධනාගාර ජේලර්වරයකු හා නියාමකයකු මියගොස් නියාමකවරයකුගේ පාදයක් කපන්නට සිදුවීමත් සමඟ බවද පැවසේ.

කෙසේවුවද, ‍පොලිස් විමර්ශනවලට අනුව ප්‍රහාරය සඳහා අංගොඩ ලොක්කා පැමිණි වග ඇඟිලි සලකුණු හා සී.සී.ටී.වී. දර්ශනවලින්ද තහවුරු වී ඇත.

මධුෂ් ලංකාවෙන් පැනලා ?

අංගොඩ ලොක්කාගේ ප්‍රහාරයට සහාය දුන් අනෙක් පාතාල කෙරුමා වන මාකදුරේ මධුෂ් ද ලංකාවට පැමිණ ඇති බවට පොලිසිය සැක කෙරේ.

මධුෂ් මීට පෙර සිටියේ ඩුබායිවල බව පැවසේ.

පාතාල මර්දන කණ්ඩායම්වලට හා බන්ධනාගාර නිලධාරීන්ට ලැබි ඇති තොරුතුරු අනුව මාකදුරේ මධුෂ් මෙම ප්‍රහාරය සඳහා ලංකාවට පැමිණ අංගොඩ ලොක්කාට සහාය දී ඇත.

ප්‍රහාරයෙන් පසු මධුෂ් ලංකාවෙන් පැන ගිය බව කියවෙන නමුදු ඔහු මෙරටට පැමිණි බවට තහවුරු කළ නොහැක්කේ මෙකි පාතාල නායකයන් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර යොදාගෙන කටුනායකින් පිටවන නිසාය.

මධුෂ්ගේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි නායකයා වන කොස්ගොඩ සුජී ඩුබායිවලට පැන්නේද ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් බවට මීට පෙර තහවුරු වී ඇත.

කෙසේ වුවද මධුෂ් රට පැන්නේද අංගොඩ ලොක්කා රට පැන්නේද යන්න සනාථ කිරීමට තවමත් සාක්කි ලැබි නොමැත.

මධුෂ් යැයි සැක පුද්ගලයකු දික්වැල්ල පාලම උඩදී ‍පොලිස් ජීප් රථ හතරක් පැමිණ අත්අඩංගුවට ගෙන පසුව මුදාහැර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top