Mar 12, 2017

'මාව සෞඛ්‍ය ඇමතිකමෙන් එලවන්න හදනවා' - රාජිත

සෞඛ්‍ය අමාත්‍යධූරයෙන් තමාව ඉවත්කර වෙනත් අයෙකු පත්කර ගැනීමේ සුදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

දුම්කොළ සමාගම සහ ඖෂධ සමාගම් ඉදිරියේ දී ඒ සඳහා යහමින් මුදල් වැයකරනු ඇති බවත්, ඔවුන් ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද ඒ සඳහා යොදා ගැනීමට උත්සහ කරනු ඇති බවත් ඔහු කියා සිටියි.

බෝනොවන රෝග වැළැක්වීමේ අරමුණින් කායවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩසටහන යටතේ ඊයේ (11) කළුතර දිස්ත්‍රික්කයේ පයාගල රාජිත සේනාරත්න ක්‍රිඩාංගණයේ සහ මග්ගොන ක්‍රීඩාංගණයේ ඉදිකරන ලද කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කරමින් ඇමතිවරයා එබව සඳහන් කළේය.

''සෞඛ්‍ය අමාත්‍යධූරයෙන් මම ඉවත් කර වෙනත් අයෙකු පත් කර ගැනීමට දුම්කොළ සමාගම සහ ඖෂධ සමාගම් ඉදිරියේ දී උත්සාහ කරන්න පුළුවන්. ඒ සදහා මුදල් වැය කරයි. විවිද චෝදනා ඉදිරිපත් කරයි.

ඒකාබද්ධ විපක්ෂයත් භාවිත කරයි. ඇතැම් විට ජනතා විමුක්ති පෙරමුණ පවා භාවිත කරන්න ඔවුන් උත්සාහ කරයි.

රජය හදන එකට වඩා පවත්වාගෙන යාම තමයි අමාරු. ලෙනින් පවා ඒ බව ප්‍රකාශ කර තිඛෙනවා. රජය ආරක්ෂා කිරීමට මම කැපවී සිටිනවා.” යයි ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ජනපති සතු බලයක් :

ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මේවනවිට අල්ලස් හෝ දුෂණ කොමිසමට පැමිණිල්ලක් බාරදී ඇති අතර, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවටද ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීමට නියමිත බව වාර්තාවේ.

කෙසේවුවද ඇමතිවරුන් පත්කිරීමේ හා ඉවත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය.

සබැඳි පුවත් :


ඖෂධයේ වරදක් නැහැ'

'ටොප් 09 චෝදනාව පුස් වෙඩිල්ලක්' - රූමි කියයි

"ඖෂධ ටෙන්ඩර්වලට ඇමැතිගේ බලපෑමක් නැහැ”

'මහාපරිමාන දුෂකයින් ටොප් 10 තේරීම විහිළුවක්'

මිලියන 990ක වංචාවක් : රාජිතත් 'ටොප් 10' ලයිස්තුවට !

'ඖෂධ මාෆියාවේ ඕනෑම අභියෝගයකට සුදානම්' - රාජිත

ඖෂධ සමාගමක් රාජිතට එරෙහිව නඩු මගට !

'හොර වෛද්‍ය සංගමයක්' : රාජිත CID යයි

ටෙන්ඩරය නැවැත්තුවේ ඖෂධ මාෆියාවයි

පිළිකා ඖෂධ ටෙන්ඩරයක් අත්හිටුවයි

කෝටි 1 1/2 ක්‌ පාඩු කළ ඖෂධ සමාගම කට්ටිපනි !

පිළිකා රෝගීන් බිලිගන්නා හොර ඖෂධ ජාවාරමක්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top