Pasidol
Sathosa Ad Final Sinhala
Mar 13, 2017

හෙද වර්ජනය අසාර්ථකයි - රාජිත හා සමන් කියයි

ඒකාබද්ධ විපක්ෂයට සහාය පළකිරීමේ අරමුණෙන්, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය දියත් කළ වෘත්තිය ක්‍රියාමාර්ගය මුළුමනින්ම අසංවිධානාත්මක එකක් යැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කොළඹ දී අද (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තිය සේවා අප්‍රේල් 6 වැනිදා ඒකාබද්ධ වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කළේ දීර්ඝ සටනක අවසාන පියවර හැටියට වුවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය කැඳවනු ලැබුවේ නින්දෙන් නැගිට මෙන් යැයි ද රත්නප්‍රිය මහතා කීය.

පසුගිය වසර කීපය පුරා රජයේ හෙද නිලධාරින්ගේ සංගමය දියත් කළ සාධාරණ වෘත්තිය සටන්වලදී රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ප්‍රධානීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ යැයි චෝදනා කළ හෙතෙම එම ක්‍රියාකලාපයම අද ඔවුන්ට පාරාවළල්ලක් වී ඇතැයි අවධාරණය කර කීය.

හාමුදුරුවෝ පව් :

මේ අතර කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පැවසුයේ, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් අද දින ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට කිසිදු බලපෑමක් සිදුව නැතැයි බවයි.

“අද දින හෙද සේවා සංගම්වලින් එක් හෙද සේවා සංගමක් වැඩවර්ජනයක් දියත් කර තිබෙනවා. එම හෙද සේවා සංගමය දිර්ඝ ඉතිහාසයක් තිබෙන සංගමයක්.

හැබැයි මම කියන්න කැමැතියි එම සංගමය කැඳ වූ අසාර්ථකම වැඩවර්ජනය මෙවර ක්‍රියාත්මක වන බව.

මෙම වැඩවර්ජනය නිසා කිසිදූ රෝහලක සේවා කටයුතුවලට බලපෑමක් එල්ල වී නැහැ. කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ කොළඹ අක්ෂි රෝහලේ පමණක් යම්තාක් දූරට වැඩවර්ජනය ක්‍රියාත්මක වෙනවා.'' යයි ඇමතිවරයා පැවසිය.

සාකච්ඡා මාර්ගයෙන් :

' ඇතැම් විට මෙම වැඩවර්ජනය දේශපාලන අරමුණක් මත සිදූ කරන්න පුලුවන්. ඉල්ලීම් සියල්ල සාකචිඡා මාර්ගයෙන් විසදා ගන්න පුලුවන්. ඇතැම් ඉල්ලීම් මේ වනවිට ඉටුවෙමින් පවතිනවා.

එම හෙද සංගමයට නායකත්වය ලබාදෙන හිමිපාණන් අද අසරණ වෙලා.

අසාර්ථකම වැඩවර්ජනයක් දියත් කර තිබෙනවා. රෝහල්වල හෙද හෙදියන් සියයට 90 ක් රාජකාරි කටයුතු ඉටු කරනවා.

කාගේ හරි අනුදැනුමක් මත මෙම වැඩවර්ජනය දියත් කරන්න ඇති. රෝහල් සේවා කටයුතු අඩාලවීමක් නැහැ. අනෙක් හෙද සංගම්වල නිලධාරීන්ට වර්ජනය කඩාකප්පල් කිරීමේ උවමනාවකුත් නැහැ.”යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදූරටත් පැවැසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top