Jul 15, 2021

චන්දිමාල්ගෙන් රන්ජන්ට ගෙයක් Featured

සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට තම නිවෙස් තුනෙන් එකක් ලබාදීමට සූදානම් බව රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා පවසයි.

රන්ජන් රාමනායක මහතා තම සමීප මිතුරකු බවත් මෙවන් මොහොතක නැති මිතුදම් හා මනුස්සකම්වලින් පලක් නොවන බවද එබැවින් ඔහුට තම නිවෙස් තුනෙන් එකක් ලබාදීමට තීරණය කළ බව චන්දිමාල් ජයසිංහ මහතා සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක්කරමින් පවසා ඇත.

රන්ජන් රාමනායක මහතා පදිංචිව සිටි මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසයෙන් ඔහුගේ බඩුමුට්ටු ඉවත්කරගන්නා ලෙස මේ වන විට දැනුම් දී ඇති අතර ඒ සඳහා ලබාදී තිබූ සහන කාලය ලබන 20 වැනිදායින් අවසන්වීමට නියමිත බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top