Jul 19, 2021

දැරියක් රෑට රෑට කොල්ලෝ ගෙන්නගෙන; ආපු කොල්ලො 2ක් රිමාන්ඩ් 

තම පියාගේ ජංගම දුරකථනයේ වූ මූණු පොත හරහා රාත්‍රී කාලයේ දවසට එක් අයකු බැගින් තරුණයන් නිවසට ගෙන්වාගෙන ඔවුන් සමඟ හැසිරුණු අවුරුදු 15ක පාසල් සිසුවියකගේ ප්‍රකාශයක් මත මාරවිල පොලිසිය අත්අඩංගුවට ගත් 19 හැවිරිදි තරුණයන් දෙදෙනකු අගෝස්තු 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට මාරවිල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී. අබේරත්න මහතා නියෝග කර තිබේ.
 
පසුගිය අගෝස්තු 15 වැනිදා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ නඩුව කැඳවා ඇත්තේ සිසුවියගේ නැන්දා කෙනෙකු විසින් මාරවිල පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් සිසුවියකගේ ප්‍රකාශයක් හේතුවෙනි.
 
කෙසේවුවද, මේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ තරුණයන් දෙදෙනකු පමණක් වන අතර ඇය තවත් තරුණයන් හත් අට දෙනකු සමඟ රාත්‍රී 10ත් 12ත් අතර කාලයේ නිවසේ නාන කාමරයේ ලිංගිකව හැසිරී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි පැවසේ.

මේ සිසුවිය සිය නැන්දාගේ නිවසේ නැවැතී සිටියදී පියාගේ ජංගම දුරකථනයෙන් මුහුණු පොත ඔස්සේ තමා ගැන විස්තර පළකර තරුණයන් හා දුරකථන පණිවිඩ අනුව සම්බන්ධ වී ඔවුන් එම නිවසට ගෙන්වාගෙන ඇති බව මේ වන විට හෙළිව තිබේ.

මාරවිල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක ඉගෙනුම ලබන මෙම සිසුවිය වෛද්‍ය පරීක්ෂණ සඳහා මේ වන විට මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මූලාශ්‍රය - දිවයින 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top