Jul 21, 2021

දීර්ඝ සතිඅන්තයට සංචරණ සීමා නෑ

එළැඹෙන දීර්ඝ සති අන්තයට රටපුරා සංචරණ සීමා පැනවීමට තිරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 
මේ වන විට පුද්ගලයන් 20000ක් පමණ ප්‍රතිකාර ලබන බවත් දිනකට ආසාදිතයන් 1500ක් පමණ වාර්තා වෙමින් පවතින බවත් ඔහු පැවැසීය.
 
එන්නත්කරණ කටයුතු සාර්ථක සිදුවන බවත් කොවිඩ් ආසාදනය නොවී පරිස්සමින් ජීවත් විය යුතු බවත් ඔහු පැවැසීය.
 
පොදුවේ පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේය.
 
(අද)
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top